Worst Verses - මගෙ සිත කියන නිදැස් පද

මගෙ සිත කියන නිදැස් පද.. විටක සොදුරුය.. විටක නපුරුය.. එහෙත් මා සැමදා එසේමය

Oct
29

මට නොදැනෙන
නුඹට දැනෙන
මගේ වෙනස
කියාපන්...

සිත නොහඳුන
ගතට දැනෙන
මගේ වෙනස
කියාපන්...

කොඳුර කොඳුර
මට නොකියන
මගේ වෙනස
කියාපන්...

නුඹයි මගේ
වැටෙන්න පෙර
මගේ වෙනස
කියාපන්...

3 comments:

සුමටයි,ලස්සනයි,නියමයි

මටනම් කවිය ගොඩක් හිතට වැදුනා මචන් හේතුවනම් දන්නේ නැ සමහරවිට මෙ දවස්වල මගේ කඳුලු වලට බ්රේක් නැති හින්දා වෙන්න ඇති

@වැප්: ස්තුතියි මිතුර
@දිසා: කාට හරි දැනුනනම් ඒක මට ගොඩක් සතුටක්..ස්තුතියි මිතුර

Post a Comment

මගේ දින සටහන් ගැන

මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?

නිතර යන එන අය