දෙලොවක දෙතැනක,
නතරවෙච්චි හිතට,
කාටත් හොරෙන්,
ආදරේ හොයපු හිතට,
උඹව අතරමන් කරල,
ආපහු හැරුනු හිතට,
සාප කරපන්..!
ආදරෙන් කතාකරන්න,
ආදරෙන් දැවටෙන්න,
කෙතරම් ආස වුනත්..
මෙ කතරෙ,
තෙරක් නොපෙනෙන තරමට
අතරමන් වෙච්ච මගේ හිතට,
උඹ ලඟ අතරමන් වෙන්න බැරි උනත්,
පතන්නම් උඹ මගේම් වෙන්න
මතු සංසාර මගක,
හැමදාම ලගින්ම ඉන්න...
Posted by
dakshika
comments (5)
Posted by
dakshika
comments (17)
උඹ මගෙයි කියල,
කියාගන්න බැරි උනාට,
උඹ මගෙයි කියල,
ලඟින් ඉන්න බැරි උනාට,
එක හිත දෙකට බෙදල,
උඹට දෙන්න බැරි උනාට,
උබෙ පපුව උඩ,
හැමදාම ඉන්න බැරි උනාට,
මන් උඹට ආදරෙයි...
උඹ මට සාප කලත්,
මන් උඹට ආදරෙයි...
කවද හරි මගේම වෙයන්
දාල යන්න බැරි වෙන්න..
එදාට මුලු ආත්මෙන්ම,
මන් උඹට ආදරෙයි...