සෙමින් සෙමින් ඔබ
මගේ ලමැද හිඳ
මුමුණනා ගී වැල්...
කෙමෙන් කෙමෙන් හද
වටා දැවටෙමින්
කලතනා සිතුවම්...
ආදර පෙම් වදන්..
සනසවයි අප සිත් සතන්..
මලින් මලට රොන්
සොයන බඹරුන්
සිටිනමුත් දහසින්..
ඔබේ වත සිප
සදාකල් මම
හිදින්නෙමි සතොසින්...
ආදර පෙම් වදන්..
සනසවයි අප සිත් සතන්..
කාලෙකට පස්සෙ,
ගිය මාස දෙකේම,
Detail බිල ඇවිත්...
පේලි පිරෙන්න,
පිටු වැහෙන්න,
එකම නොම්බරයක්...
ඒක නුඹෙ...
ඒත් මමයි නුඹයි...?
උඹට අමතක - මට මතක,
උඹ නොපතන - මම පතන,
උඹට නොසිතන - මට සිතෙන,
උඹ නොලියන - මම ලියන,
මගේ ආදරය
තාමත් එහෙමමයි...
ගුලිවෙන්න බැරිව ඈතට ඉගිලුනාට,
හිතලග ඉන්න පින් මන්ද නැතිඋනාට,
උඹෙ කදුලු පිහදැම්මෙ නැති උනාට,
තනියෙම මැරි මැරී පතන්නම් ඒ දේම,
සදාතනික පැතුමක් ලෙසම....
නොනිමි - නිමල ප්‍රේමයේ
ඵලය ලන්නට මත්තෙන්
කපා සිඳලූ අරටුව
සුලඟට කීවත්,
වැස්සට හැඬුවත්,
දලු ලන්නට වරම් නැත...
ලන දල්ලක් පාසා,
කීරි ගැහෙන හදවතින්,
දෝරෙ ගලන කඳුලක්,
කෙලෙසිකින් වාවම්ද...
නොනසමි මූලය,
වසනා තුරාවට,
පැනගින්නට
මතු භවක
නොනැසී හිඳින්නට...
ආදරෙන් දැවටෙමින්,
කිසිදා වෙන් නොවන්නට.....
දෙලොවක දෙතැනක,
නතරවෙච්චි හිතට,
කාටත් හොරෙන්,
ආදරේ හොයපු හිතට,
උඹව අතරමන් කරල,
ආපහු හැරුනු හිතට,
සාප කරපන්..!
ආදරෙන් කතාකරන්න,
ආදරෙන් දැවටෙන්න,
කෙතරම් ආස වුනත්..
මෙ කතරෙ,
තෙරක් නොපෙනෙන තරමට
අතරමන් වෙච්ච මගේ හිතට,
උඹ ලඟ අතරමන් වෙන්න බැරි උනත්,
පතන්නම් උඹ මගේම් වෙන්න
මතු සංසාර මගක,
හැමදාම ලගින්ම ඉන්න...
උඹ මගෙයි කියල,
කියාගන්න බැරි උනාට,
උඹ මගෙයි කියල,
ලඟින් ඉන්න බැරි උනාට,
එක හිත දෙකට බෙදල,
උඹට දෙන්න බැරි උනාට,
උබෙ පපුව උඩ,
හැමදාම ඉන්න බැරි උනාට,
මන් උඹට ආදරෙයි...
උඹ මට සාප කලත්,
මන් උඹට ආදරෙයි...
කවද හරි මගේම වෙයන්
දාල යන්න බැරි වෙන්න..
එදාට මුලු ආත්මෙන්ම,
මන් උඹට ආදරෙයි...
