දිනෙන් දින
මොහොතින් මොහොත
හමා යන සැඩ සුළඟ
එලව එලවා
පහර දෙන හැටි
දරන්නට බෑ
පුංචි හදවතට
කොතරම් සැඟවුනත්
සොයා එන මතකය
කෙලෙසක අමතක කරම්ද?
තනියම ගැසූ අත්පොඩි
මගේ විතරක් බව
උඹ කිවිවට
සද්දෙ ආවෙ
උඹෙනුත් උර අරන් නේද?
පොතක් තියා
කෑමක් ගන්නත්
එපා වෙච්චි මේ කුණාටුව
මං හදාගත්තු
"කැත්‍රිනා" එක්ක ආපු
උඹේ "රීටා" නේද?
අනේ මේ වලෙන්
ගොඩ එන්න
මගෙ අත් වාරු මදි
වෙලාවක් ඇත්නම්
මට උදව්වක් කරපන්...
මේ ඔක්කොම
"විල්මා" වෙන්න
කලියෙන්...
දත්ත: "කැත්‍රිනා" , "රීටා" සහ "විල්මා"...
Jul
16
Posted by
dakshika
1 comments:
මම වෙල්මා නම් දන්නවා...අර ස්කුබි ඩූ cartoon එකේ ඉන්න...
Post a Comment