Worst Verses - මගෙ සිත කියන නිදැස් පද

මගෙ සිත කියන නිදැස් පද.. විටක සොදුරුය.. විටක නපුරුය.. එහෙත් මා සැමදා එසේමය

දිනෙන් දින
මොහොතින් මොහොත
හමා යන සැඩ සුළඟ
එලව එලවා
පහර දෙන හැටි
දරන්නට බෑ
පුංචි හදවතට
කොතරම් සැඟවුනත්
සොයා එන මතකය
කෙලෙසක අමතක කරම්ද?
තනියම ගැසූ අත්පොඩි
මගේ විතරක් බව
උඹ කිවිවට
සද්දෙ ආවෙ
උඹෙනුත් උර අරන් නේද?
පොතක් තියා
කෑමක් ගන්නත්
එපා වෙච්චි මේ කුණාටුව
මං හදාගත්තු
"කැත්‍රිනා" එක්ක ආපු
උඹේ "රීටා" නේද?
අනේ මේ වලෙන්
ගොඩ එන්න
මගෙ අත් වාරු මදි
වෙලාවක් ඇත්නම්
මට උදව්වක් කරපන්...
මේ ඔක්කොම
"විල්මා" වෙන්න
කලියෙන්...

දත්ත: "කැත්‍රිනා" , "රීටා" සහ "විල්මා"...

2 comments:

විල්මා වර
කත්‍රිනා මෙහෙ බල
මොළය මුගෙ සෝදා හැර
රීටාව සොයා පල
රීටාව කරකවා අතහැර
ගෙනෙගොස් දමනු කත්‍රිනාගෙන් ඈත් කර
විල්මා ඔබට පින් වනු ඇත

මම වෙල්මා නම් දන්නවා...අර ස්කුබි ඩූ cartoon එකේ ඉන්න...

Post a Comment

මගේ දින සටහන් ගැන

මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?

නිතර යන එන අය