Worst Verses - මගෙ සිත කියන නිදැස් පද

මගෙ සිත කියන නිදැස් පද.. විටක සොදුරුය.. විටක නපුරුය.. එහෙත් මා සැමදා එසේමය

Jul
11

සඟවාලන්නට කියූ මුසාව,
ඇනුණි තවත් හද පත්ලෙම..
වැටහේවි දිනක,
වලකන්නට නිරුවත,
කියනා දහසකුත්,
මුසාවන්..
නිමක් නොම වග.
හිඳිමි ඉක්බිති...
පූදින තුරු,
සැඟවූ සත්‍යයය,
සැමදා උපේක්ෂාවෙන්...

2 comments:

සත්‍යයය සත්‍යය ද?

@Anonymous
සත්‍යයය සත්‍යයක්ම විය යුතුය..
නුඹ කවරෙකු වුවද..
දැනෙනු ඇත..
බොරුවෙන් විදවනා දිනට..

Post a Comment

මගේ දින සටහන් ගැන

මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?

නිතර යන එන අය