Worst Verses - මගෙ සිත කියන නිදැස් පද

මගෙ සිත කියන නිදැස් පද.. විටක සොදුරුය.. විටක නපුරුය.. එහෙත් මා සැමදා එසේමය

ඔබේ දෑත් ගෙන
පාලු වීදියක
තුරුල්ව උණුහුමට
සක්මන් කරනා
මා සිත් යාය...

හැරෙනා පියවරක්
බිය නොමැත තබන්නට
කිති කැවුනු සෙනේ බර
ඔබ මුහුන
සිඹින්නට...

විදවනා ඔබේ හද
කියනු මැන නොසඟමින
ආදරෙන් රැකගන්න
හිදිමි මා
පෙර මගම...

3 comments:

aww.. this is a sweet one Scoob.. nice!

බලන් ගියාම උඹත් මගෙ බෝට්ටුවේ වගේ. මොනා උනත් එළකිරි වැඩක්!

හීනයකි මට ආදරේ
හෑගෙනවා මට ජීවිතේ.....

Post a Comment

මගේ දින සටහන් ගැන

මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?

නිතර යන එන අය