Worst Verses - මගෙ සිත කියන නිදැස් පද

මගෙ සිත කියන නිදැස් පද.. විටක සොදුරුය.. විටක නපුරුය.. එහෙත් මා සැමදා එසේමය

හැමදාම හොයපු,
උඹව ආයෙමත් මන් දැක්කා,
උඹෙ හිනාව - ලොකු ඇස්,
කොට කොණ්ඩෙ - හොර බැල්ම,
පැත්තෙන් හිනා වෙන හැටි,
කෙස් රොද හදන හැටි,
මන් බලාගෙන උන්න,
උඹට හොරෙන්...

සිය දහසක් පතපු,
ආදරය, සෙනෙහස,
උඹම හෑල්ලු කරපු හැටි,
මතක් වෙද්දි,
මගෙ උපැස් අතරින්,
රූරා හැලෙන්න සිත් දුන්න,
කඳුලු වලට මන් එපා කිව්ව..
ඒත් බැමි අතර තෙරපුන කඳුලු,
මටත් නොකියාම,
දෙකොපුල් අතර වියැකුණා...

ආයෙමත් බැලුවා මන්,
ඒ උඹමයි මට,
ඒත් ඒ උඹ නෙමෙ,
වෙනදට දුර,
රාජගිරියට ඉක්මනට ආව අද,
අහක බලන් උන්න උඹ දිහා,
අන්තිම පාරටත් බැලුව මන්,
උඹ තනියෙම හිනා වෙනවා,
මන් හැමදාම පැතුවෙ ඒක,
මන් බහින්නම්,
මතකය හොදටම ඇති මට.

උඹට දිගාසිරි...!

කාලයක් නොදැනුවත්ව,
කාලයක් දැනුවත්ව,
කාලයක් කරදරයක් නොවෙන්න,
කාලයක් කරදරයක්ව,
මන් උඹට දුන්නා..

කාලයක් ආගන්තුකව,
කාලයක් මිතුරෙක්ව,
කාලයක් සුභ පතන්නෙක්ව,
කාලයක් කාලකන්නියෙක්ව,
මන් උඹට දුන්නා..

මන් උඹට දුන්න,
හොදටම වැඩී...
තනියෙන් හූල්ල හූල්ල,
ජීවිතේ පුරාවට....
අන්තිමට
කාලය * දීම = දුක

ඉන්න එපා කරපු පච බංකු,
සින්නො එපා කරපු ෆිට් එක,
කන්න එපා කරපු බත් එක,
යන්න එපා කරපු දේශන,
බොන්න එපා කරපු ප්ලේන්ටිය,
එක්සෑම් එපා කරපු පේපර්ස්,
කෙල්ලො එපා කරපු ලොකුකම,
ගන්න එපා කරපු සෙනෙහස,
කොල්ලො එපා කරපු බලුකම,..

ඕන් මං කිව්වා,
උඹලට ආයුබෝවන්.....!

සැඟවෙන්නට,
විඳවන්නට,
නොලියන්නට,
හුරු කල....
තැවෙන්නට,
තනිවෙන්ට,
හුරු කල...
ඒ පෙම් සිතට,
සාප වේවා...!
සදහටම,
නොමැරී මැරෙන්නට

දෙසතියකට මත්තෙන්,
දහසකුත් සනහමින්,
පුන් පුරා පෑ නුඹ,
අද මටත් උන්ටත්,
අමාවකක්මැයි..

මේ නිසල වියරු රැය,
බියකරුයි සඳා මට,
තරු කවට කම් මැදිව,
ඉකි බිදින මා ලයට,
තවත් ගැරහුම් නොදී,
අද හෙටම පායපන්...

මගෙ වළාබර අඹර,
නුඹට රිසි නොම වුවත්,
නුඹට රිසි අඹර හිද,
පායපන් සදාකල්,
පුරා සඳ විලසින්ම....

එකේ පන්තියෙ උන්නු උන්ට
මන් කිව්වෙ උඹල මගෙ යාලුවො කියල
ඒත් ඒකෙ අරුත
මන් දැනන් උන්නෙ නෑ..
මන් උඹත් එක්ක යාලුවෙක් කිව්වෙ
දුකට, සතුටට, හැමදේටම ඉන්නම් කියල..
ඒත් උඹ කිව්වෙ යාලුවො ඕනෙ
සතුටට විතරයි කියල...
එහෙනම් උඹේ මේ දුකට
මන් තනියෙම හූල්ලන්නම්
මගේ මිත්‍රත්වයේ නාමයෙන්...

මිතුර පෙරදා - දුටුව සඳ කැන්
නොදැනි ඔබ හා - බැඳුනු සරදම්
නොහැක විදිමින් පුරාවට...
නුබේ සුපෙම් කැන්....

සිතින් ගලනා - කදුලු ගංගා
නොසඟ හඳ මා - තැවෙන විලසා
යදිමි මිතුදම් ගොතා..
සදා සරණා තුරා...

භවෙන් භවයේ - නොදැන ගැටෙමින්..
රැදුනු කඳුලැල් - සිතින් මකමින්
සමුගනිමි ඔබේ තුරුලෙන්....
නොසිදු විලසින්....

මගේ දින සටහන් ගැන

මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?

නිතර යන එන අය