අයාලේ පාවෙන මගේ සිත්කද
සිරකරගත් පුංචි කුමරිය
මුදාලන්නට අනන්තය වෙත
මිදී ඈතට ඉගිල යන්නට...
කෙතරම් ආසා කලත්
හිදින්නට නුඹේ ලඟ
සමාජ බැම්මට
බියයි ඒ නුඹේ සිත...
නමුත්
පවසන්න වරක් මට
නුඹ හඳවත් ගැස්ම
මගේ සිත සනසවා
ඒ මතම මියැදෙන්ට...
Posted by
dakshika
1 comments:
මේ කවි පද
කියනා නුඹ
මා සිත කියවූ රඟ
සොයමි දිවිපුරා සබඳ
Post a Comment