නුඹේ නැහැයට දැනෙන
ඒ පුංචි කිතිකැවුම
මටත් දැනෙනවා එලෙසින්ම
අඟවන්නට බැරි කමට
සිතින් නෑ කීවත්
ඒ හැගෙන්නේ..
අපේ හදවත් රිද්මයයි...
කෙතරම් දැනුනත් සඟවන
කෙතරම් කිව්වත් නොකියන
කෙතරම් සෙව්වත් නොපෙනෙන
නුඹ පරදන්නට වෙර දෙන්නේ
හිතද?
නැතිනම් පිළිගන්ට තනන
හදවතද?
18 අවුරුද්දක්
පෙරුම් පුරල
ආවේ මන් ජීවිතයක් ගන්න
නැතුව පිහි මන්න මානන්
ජීවිතේ දේශපාලුවෙක්
වෙන්න නෙමෙ
ඒත් උඹල
අපිට දෙන
ජීවිතේ
හිර ගෙදරද?
දිනෙන් දින
මොහොතින් මොහොත
හමා යන සැඩ සුළඟ
එලව එලවා
පහර දෙන හැටි
දරන්නට බෑ
පුංචි හදවතට
කොතරම් සැඟවුනත්
සොයා එන මතකය
කෙලෙසක අමතක කරම්ද?
තනියම ගැසූ අත්පොඩි
මගේ විතරක් බව
උඹ කිවිවට
සද්දෙ ආවෙ
උඹෙනුත් උර අරන් නේද?
පොතක් තියා
කෑමක් ගන්නත්
එපා වෙච්චි මේ කුණාටුව
මං හදාගත්තු
"කැත්‍රිනා" එක්ක ආපු
උඹේ "රීටා" නේද?
අනේ මේ වලෙන්
ගොඩ එන්න
මගෙ අත් වාරු මදි
වෙලාවක් ඇත්නම්
මට උදව්වක් කරපන්...
මේ ඔක්කොම
"විල්මා" වෙන්න
කලියෙන්...
දත්ත: "කැත්‍රිනා" , "රීටා" සහ "විල්මා"...
ස්තූතියි
දෑස් හැරවූවාට
අයදින්නට
දෑත් එක්කොට
සමාවක්
ලබා දුන් ඉඩකඩට
අනේකවාරයක්
ස්තූතියි නුඹට...
අයාලේ පාවෙන මගේ සිත්කද
සිරකරගත් පුංචි කුමරිය
මුදාලන්නට අනන්තය වෙත
මිදී ඈතට ඉගිල යන්නට...
කෙතරම් ආසා කලත්
හිදින්නට නුඹේ ලඟ
සමාජ බැම්මට
බියයි ඒ නුඹේ සිත...
නමුත්
පවසන්න වරක් මට
නුඹ හඳවත් ගැස්ම
මගේ සිත සනසවා
ඒ මතම මියැදෙන්ට...
ඔබේ දෑත් ගෙන
පාලු වීදියක
තුරුල්ව උණුහුමට
සක්මන් කරනා
මා සිත් යාය...
හැරෙනා පියවරක්
බිය නොමැත තබන්නට
කිති කැවුනු සෙනේ බර
ඔබ මුහුන
සිඹින්නට...
විදවනා ඔබේ හද
කියනු මැන නොසඟමින
ආදරෙන් රැකගන්න
හිදිමි මා
පෙර මගම...