ගැහෙනා පපු තුලට,
උණුහුමට තුරුළු වී,
අසනා ඒ ගැස්ම,
කිති කවයි මා ගතම...
දහඩියෙන් තෙමී ගිය,
රළු ගතට වාරු දී,
සෙනෙහසින් නුඹ සිඹින,
සුසුම් මා හද වෙලී...
සෙනෙහසින් නුඹ සිඹින,
සුසුම් මා හද වෙලී...
නොකියාම කියාදුන්,
ආදරයේ හද ගැස්ම,
ආදරයේ හද ගැස්ම,
මගේමයි හැමදාම,
රකිමි හද වෙර දිදී.....