හැමදාම හොයපු,
උඹව ආයෙමත් මන් දැක්කා,
උඹෙ හිනාව - ලොකු ඇස්,
කොට කොණ්ඩෙ - හොර බැල්ම,
පැත්තෙන් හිනා වෙන හැටි,
කෙස් රොද හදන හැටි,
මන් බලාගෙන උන්න,
උඹට හොරෙන්...
සිය දහසක් පතපු,
ආදරය, සෙනෙහස,
උඹම හෑල්ලු කරපු හැටි,
මතක් වෙද්දි,
මගෙ උපැස් අතරින්,
රූරා හැලෙන්න සිත් දුන්න,
කඳුලු වලට මන් එපා කිව්ව..
ඒත් බැමි අතර තෙරපුන කඳුලු,
මටත් නොකියාම,
දෙකොපුල් අතර වියැකුණා...
ආයෙමත් බැලුවා මන්,
ඒ උඹමයි මට,
ඒත් ඒ උඹ නෙමෙ,
වෙනදට දුර,
රාජගිරියට ඉක්මනට ආව අද,
අහක බලන් උන්න උඹ දිහා,
අන්තිම පාරටත් බැලුව මන්,
උඹ තනියෙම හිනා වෙනවා,
මන් හැමදාම පැතුවෙ ඒක,
මන් බහින්නම්,
මතකය හොදටම ඇති මට.
උඹට දිගාසිරි...!
Mar
13
Posted by
dakshika
comments (17)
Mar
11
Posted by
dakshika
comments (2)
කාලයක් නොදැනුවත්ව,
කාලයක් දැනුවත්ව,
කාලයක් කරදරයක් නොවෙන්න,
කාලයක් කරදරයක්ව,
මන් උඹට දුන්නා..
කාලයක් ආගන්තුකව,
කාලයක් මිතුරෙක්ව,
කාලයක් සුභ පතන්නෙක්ව,
කාලයක් කාලකන්නියෙක්ව,
මන් උඹට දුන්නා..
මන් උඹට දුන්න,
හොදටම වැඩී...
තනියෙන් හූල්ල හූල්ල,
ජීවිතේ පුරාවට....
අන්තිමට
කාලය * දීම = දුක