Worst Verses - මගෙ සිත කියන නිදැස් පද

මගෙ සිත කියන නිදැස් පද.. විටක සොදුරුය.. විටක නපුරුය.. එහෙත් මා සැමදා එසේමය

සබඳ
නිබඳ හිඳින්නට
පින් මද වුවත්
පතම් ලබන්නට
මතු දිනක
වෙන් නොවන්නට
වරෙක පියෙකු
වරෙක සහෝදරයෙකු
නිබඳ මිතුරෙකු
නිසාවෙන්
නොහැක අමතක කරන්නට
හිරු නොපැවුවොත්
සඳ බැස නොගියොත්
අමතක වේවි එය.. .
එහෙත්
හිරු නැග එන්නට අමතක වේවිද?
සඳ බැස යන්නට අමතක වේවිද?

පලි: ධනුක අය්යා WSO2 එකෙන් නික්මීම වෙනුවෙනි...

යන එන ගමන්.:
මග දිග බලන් ..
නෙක නෙක  නුවන්:..
කොදුරති රහස්:...

දුටුවත් නුවන්...
නෙක විසිරුවන්.:
නොම වෙම් ඇලුම්..
හිමි නැත කැලුර්‍ම....

මගෙ සඳ නූරා..
ඇත හද  පුරා...
දිවි ඇති තුරා..
ඔබමය සදා....


එකසිය 19,
ඒ මේ අත හැරෙමින්, 
නෙක පාට- පිළිසරින්,

සුකුරුත්තම් මායම්, 
දෙසවන් iphone, 
පූස්! චූස්! චික් චික්.....

"අනේ..! උඹලගෙ බොරු පොෂ්"...


 
ගැහෙනා පපු තුලට, 
උණුහුමට තුරුළු වී, 
අසනා ඒ ගැස්ම,
කිති කවයි මා ගතම...

දහඩියෙන් තෙමී ගිය,
රළු ගතට වාරු දී,
සෙනෙහසින් නුඹ සිඹින,
සුසුම් මා හද වෙලී...

නොකියාම කියාදුන්,
ආදරයේ හද ගැස්ම,
මගේමයි හැමදාම,
රකිමි හද වෙර දිදී.....



සිතක් පුරවා -ගතෙහි තවරා

විදින්නට හැකි ආදරේ... 

තුරුල් වී හින්දිනට පුරාවට 

මඟ බලමි හිමි ආදරේ...

 දෙතැන සිටියත් - ලඟින් ඇතිවග 

දැනෙන නොපෙනෙන ආදරේ... 

පෙම්වතිය ඔබ, මගේ හිමි සඳ 

මගේමයි ඒ ආදරේ......



සෙමින් සෙමින් ඔබ
මගේ ලමැද හිඳ
මුමුණනා ගී වැල්...
කෙමෙන් කෙමෙන් හද
වටා දැවටෙමින්
කලතනා සිතුවම්...

ආදර පෙම් වදන්..
සනසවයි අප සිත් සතන්..

මලින් මලට රොන්
සොයන බඹරුන්
සිටිනමුත් දහසින්..
ඔබේ වත සිප
සදාකල් මම
හිදින්නෙමි සතොසින්...

ආදර පෙම් වදන්..
සනසවයි අප සිත් සතන්..

කාලෙකට පස්සෙ,
ගිය මාස දෙකේම,
Detail බිල ඇවිත්...
පේලි පිරෙන්න,
පිටු වැහෙන්න,
එකම නොම්බරයක්...
ඒක නුඹෙ...
ඒත් මමයි නුඹයි...?

මගේ දින සටහන් ගැන

මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?

නිතර යන එන අය