දෙසතියකට මත්තෙන්,
දහසකුත් සනහමින්,
පුන් පුරා පෑ නුඹ,
අද මටත් උන්ටත්,
අමාවකක්මැයි..
මේ නිසල වියරු රැය,
බියකරුයි සඳා මට,
තරු කවට කම් මැදිව,
ඉකි බිදින මා ලයට,
තවත් ගැරහුම් නොදී,
අද හෙටම පායපන්...
මගෙ වළාබර අඹර,
නුඹට රිසි නොම වුවත්,
නුඹට රිසි අඹර හිද,
පායපන් සදාකල්,
පුරා සඳ විලසින්ම....
Posted by
dakshika
2 comments:
මම ඔයාගෙ නිසෙදැස් ටික බැලුව...
ලස්සන..මනුස්සයෙක්ගෙ...
ලස්සන..දෙයක්..
දිගටම ලියන්න..
@Ravamart: ස්තූතියි මිතුර...
Post a Comment