රෝහලේ බංකුවක,
තනිවුන අඳුරක,
නුඹට අවැසි නොවූ,
මගේ නෙතු අගින් රූටා වැටෙන,
කඳුලු නුඹ නිසා නොවෙයි...
බෙහෙතේ වේදනාවට,
තෙත් කරනා අරුම,
දකින්නට කෙනෙකු නැත,
අසන්නට කෙනෙකු නැත,
කෑ ගසා කියුවත්,
නොඇසෙනා නුඹෙ සවන්,
නොපෙනෙනා නුඹෙ නුව්න්,
කෙලෙසින් ගොලුවුනිද???
කම් නැත,
නුඹ රකිනා දළදා සමිඳ,
මාද රකිනු ඇත,
මා දෙනෙත් බොද නොකොට....
ඇඟ කීරි කරනා වේදනාව,
නෙතු නිසාද,
හඩනා හද නිසාද?
Posted by
dakshika
7 comments:
Awesome!!!!!!!!!!! A really touching poem.Any way don't worry.
මචන්, හිතට දැනුනා මේ පදටික. ඒ තරම් අපූරුවට පෙළගස්වලා තියනවා.
සැබෑ ජීවන අත්දැකීමක් නොවේවායි පතමි.
@gayangarusinghe: ස්තූතියි ගයාන් අය්ය..
@Raven: ඇත්තම කිවිවොත් මේ ඔක්කොම හැබෑවටම වෙච්ච මගේ ජීවන් අත්දැකීමක් බන්..ස්තූතියි comment එකට
ගොඩක් අසරණ උනු වෙලාවට ලඟ හිටියනම් කියල හිතෙන අය ඇත්තටම ලඟ නොහිටියාම දැනෙන වේදනාව මම හොඳින්ම දන්නවා අයියෙ. ලස්සනයි කවිය.
ලස්සනයි මචෝ කවිය හිතට වදිනවා
@rusiru: ස්තූතියි මචන්.. උඹලගෙ දිරි ගැන්වීම් හන්ද තමා තාමත් ලියන්න පණ ගැහෙන්නෙ...
යහලුවා දැනුනා.. දකිනවා.. ආපහු හැරිලා බලනවා.. වැටෙනු තැනින් නැගිටිනවා..
Post a Comment