Worst Verses - මගෙ සිත කියන නිදැස් පද

මගෙ සිත කියන නිදැස් පද.. විටක සොදුරුය.. විටක නපුරුය.. එහෙත් මා සැමදා එසේමය

සෙමින් සෙමින් ඔබ
මගේ ලමැද හිඳ
මුමුණනා ගී වැල්...
කෙමෙන් කෙමෙන් හද
වටා දැවටෙමින්
කලතනා සිතුවම්...

ආදර පෙම් වදන්..
සනසවයි අප සිත් සතන්..

මලින් මලට රොන්
සොයන බඹරුන්
සිටිනමුත් දහසින්..
ඔබේ වත සිප
සදාකල් මම
හිදින්නෙමි සතොසින්...

ආදර පෙම් වදන්..
සනසවයි අප සිත් සතන්..

මගේ දින සටහන් ගැන

මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?

නිතර යන එන අය