Worst Verses - මගෙ සිත කියන නිදැස් පද

මගෙ සිත කියන නිදැස් පද.. විටක සොදුරුය.. විටක නපුරුය.. එහෙත් මා සැමදා එසේමය

උඹට අමතක - මට මතක,
උඹ නොපතන - මම පතන,
උඹට නොසිතන - මට සිතෙන,
උඹ නොලියන - මම ලියන,
මගේ ආදරය
තාමත් එහෙමමයි...

ගුලිවෙන්න බැරිව ඈතට ඉගිලුනාට,
හිතලග ඉන්න පින් මන්ද නැතිඋනාට,
උඹෙ කදුලු පිහදැම්මෙ නැති උනාට,
තනියෙම මැරි මැරී පතන්නම් ඒ දේම,
සදාතනික පැතුමක් ලෙසම....

නොනිමි - නිමල ප්‍රේමයේ
ඵලය ලන්නට මත්තෙන්
කපා සිඳලූ අරටුව
සුලඟට කීවත්,
වැස්සට හැඬුවත්,
දලු ලන්නට වරම් නැත...
ලන දල්ලක් පාසා,
කීරි ගැහෙන හදවතින්,
දෝරෙ ගලන කඳුලක්,
කෙලෙසිකින් වාවම්ද...
නොනසමි මූලය,
වසනා තුරාවට,
පැනගින්නට
මතු භවක
නොනැසී හිඳින්නට...
ආදරෙන් දැවටෙමින්,
කිසිදා වෙන් නොවන්නට.....

මගේ දින සටහන් ගැන

මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?

නිතර යන එන අය