Worst Verses - මගෙ සිත කියන නිදැස් පද

මගෙ සිත කියන නිදැස් පද.. විටක සොදුරුය.. විටක නපුරුය.. එහෙත් මා සැමදා එසේමය

උඹ මගෙයි කියල,
කියාගන්න බැරි උනාට,
උඹ මගෙයි කියල,
ලඟින් ඉන්න බැරි උනාට,
එක හිත දෙකට බෙදල,
උඹට දෙන්න බැරි උනාට,
උබෙ පපුව උඩ,
හැමදාම ඉන්න බැරි උනාට,
මන් උඹට ආදරෙයි...
උඹ මට සාප කලත්,
මන් උඹට ආදරෙයි...
කවද හරි මගේම වෙයන්
දාල යන්න බැරි වෙන්න..
එදාට මුලු ආත්මෙන්ම,
මන් උඹට ආදරෙයි...

17 comments:

බොක්කටම වදින පද ටිකක්.....

ස්තූතියි මච්න්...

ම්ම්ම්ම්...

අම්මෝ........
මේ වචන ටික ගැන මොනවා කියන්නද.

එදාට මුලු ආත්මෙන්ම,
මන් උඹට ආදරෙයි...
ලස්සනයි!!!!!!!!!!

thowa hadanna nam baha ithin

@චමිදේවා, Ansh Lucky Sri Jay: ස්තූතියි මච්න්... උඹල මෙ කියල තියෙන ටිකම ඇති...

@පබලු: ස්තූතියි..

මචන් යහලුවා, අර ඇනියාමොස් උඹ දන්න මම නොදන්න යහලුවෙක්, යහලුවොත් උඹට ආදරෙයි, උන් කැමති උඹත් සතුටෙන් උන් එක්ක ඉන්නවාට, බස් රථය මිස් වුනා නම් හැමොම කරන්නෙ ඉලඟ බස් එක එනකම් එතනට වෙලා ඉදලා එකෙ නැගලා යන එක. නමුත් මම කරන්නෙ ඉට වැඩිය වෙගෙන යන බස් එකක නැගලා, අර බස් එක පාස් කරලා ඉලග හොල්ට් එකෙදි මට ඔනා බස් එකට නගින එක.
ත්‍රිවීල් එකක් අරන් හරි යමන්.

මම සංකෙතාත්මක ව කිව්වෙ. යහලුවා වෙදනාවත් සැබැවින්ම සුවයක් එයට ඇබ්බැහි වුණාම. මම ටිකක් පරක්කු උනා එන්න.

බලෙන් දෙයක් ගන්න බැහැ, මම උබෙ කතාව දන්නෙත් නැහැ අයියා. එත් හොදම දෙ උබෙ හිත කියන දෙ තමයි, කවිය ලස්සනයි.

@රවා: ප්‍රමාද උනාට කමක් නැ මිත්‍රයා... මන් දන්නව උඹ කොයි වෙලාවෙ හරි එන වග. ගොඩක් ස්තූතියි මචන්..

Ane meh... ai kawada hari indan? dan indanma puluwanne...

මගෙ හිතේ තියෙන දෙයක් උඹ අකුරු කරලා. ස්තූතියි! මචං.

ඇත්ත ආදරේ ලැබෙද්දි එපා කියනවා..දාල යනකල් ඒ ආදරේ වටිනකම තේරුම් ගන්න ‍උත්සාහ නොකර නොලැබුනාම දුක් විදිනව..ලස්සන කවියක්..

දිගටම ලියන්න යාළු. මගේ සුභ පැතුම්.

දිගටම ලියන්න යාළු. මගේ සුභ පැතුම්.

Thanks........i am willing to die soon...........please dont leave me next time..........................

ආදරය මගුල ඔය ඔක්කොම කිසිම හරයක් නැති පේනව වගේ තිබුනට ඇත්තට නොපවතින දෙයක්.ජීවිතේ හරය පරපුර බෝකරල ලෝකයේ පැවැත්ම ස්ථිර කරන එක.ආදරය රාගය කාමය ඔය කොයි මගුලෙත් අවසාන ඉලක්කය ඒක.ඔක්කොම මගුල් කරල අතන්තිමට බලනකොට ඇති ලබ්බක් නෑ හරියට ලබ්බ පොලේ ගැහුව වගේ,ලොකුවට පේන්න තිබුනට ඇත්තටම ඇතිදෙයක් නෑ

@කසුන් : ස්තූතියි මච්න් අදහසට...

Post a Comment

මගේ දින සටහන් ගැන

මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?

නිතර යන එන අය