Worst Verses - මගෙ සිත කියන නිදැස් පද

මගෙ සිත කියන නිදැස් පද.. විටක සොදුරුය.. විටක නපුරුය.. එහෙත් මා සැමදා එසේමය

හැමදාම හොයපු,
උඹව ආයෙමත් මන් දැක්කා,
උඹෙ හිනාව - ලොකු ඇස්,
කොට කොණ්ඩෙ - හොර බැල්ම,
පැත්තෙන් හිනා වෙන හැටි,
කෙස් රොද හදන හැටි,
මන් බලාගෙන උන්න,
උඹට හොරෙන්...

සිය දහසක් පතපු,
ආදරය, සෙනෙහස,
උඹම හෑල්ලු කරපු හැටි,
මතක් වෙද්දි,
මගෙ උපැස් අතරින්,
රූරා හැලෙන්න සිත් දුන්න,
කඳුලු වලට මන් එපා කිව්ව..
ඒත් බැමි අතර තෙරපුන කඳුලු,
මටත් නොකියාම,
දෙකොපුල් අතර වියැකුණා...

ආයෙමත් බැලුවා මන්,
ඒ උඹමයි මට,
ඒත් ඒ උඹ නෙමෙ,
වෙනදට දුර,
රාජගිරියට ඉක්මනට ආව අද,
අහක බලන් උන්න උඹ දිහා,
අන්තිම පාරටත් බැලුව මන්,
උඹ තනියෙම හිනා වෙනවා,
මන් හැමදාම පැතුවෙ ඒක,
මන් බහින්නම්,
මතකය හොදටම ඇති මට.

උඹට දිගාසිරි...!

18 comments:

මම නියමයි කියලා කියන්නෙ නැහැ. හැබැයි මම එක කියන දවසකුත් එවි...

.....මොකද නිශ්ශබ්ද ....

ලස්සනයි නිර්මානය...

@රවා: නිහඩව ඉන්න තරමට ප්‍රශ්න අඩුයි බන්

@පිස්සා පලාමල්ල: ස්තූතියි...

සිරා මචෝ නියමයි මටත් ඕක වෙලා තියෙනවා

ඕක ප්‍රතිවිරුද්ධ පැත්තට සිදුවුණානම් මොකක් වෙයිද කියල මං මේ කල්පනා කරන්නෙ....

නිහඩ ඉද්දි ප්‍රශ්න අඩුවෙන්නෙ නැහැ. එවා පැසවනවා.. අනික නිහඩ නිසල දිය හරිම ගැඹුරුයි ලු...

@Rusiru: ස්තූතියි මචන්

@outsider: හැගීම් වලට ගැහැණු පිරිමි බේදයක් නෑ...ඒක හන්ද වෙනසක් වෙන්නෙ නෑ..නමුත් අපි විවෘතව කිව්වට උන්ට එහෙම කියන්න බෑ මෙ මොකක්ද ලෝකයා කියන එකා හන්ද..

@රවා: උබේ කතාවත් ඇත්ත තමා.. ඒත් සද්ද කරල උන්ට දුකක් ඇතිවනවනම් ඒක හොද නෑනෙ බන්...

ග්‍රාම නාම වෙනස් කරලා, උපැස් යුවල අයිං කරලා ගත්ත නං, මම ලියපු එකක් වගේ!

ayiyyooooooo . . .. harima dukai . . .

හරි හරි මචන් එ කියන්නෙ එ සෙට් එකත් මෙ බ්ලොග් එක බලනවද...? එහෙනම් කමක් නැහැ උබෙ හොද හිතට වැරදිමක් නැහැ. බලමු කාලයා විසින් හැමදෙම ලස්සනට කරයි. හැබැයි ... උබ මතක තියාගනින්... අපි හැමොම කවදා හරි මැරෙනවා. මැරෙද්දි හිතෙ පසුතැවිල්ලක්, දුකක්, කණගාටුවක්... අනෙ මට මෙහෙම කරන්න බැරුව ගියානෙ කියලා දෙයක් තියෙන්න බැහැ. මම හරිද... උබෙ කතාවෙත් ඇති යමක් හිමිට හිමිට කවි ටික ලියපන්... අපි කවි වලින්ම උබව දකින්නම්...

@budhajeewa: අහන්නත් දුකයි මචන්

@දුකා: අනේ මන්දා...උබ තමයි අපේ දුක් ගන්න හිටපු එකා.. උඹත් ඔහොම නොකියා, හිත හැදෙන්න යමක් කියපන්කො...

@රවා: මන් හිතන්නෙ එහෙමයි.. උඹ හරි මචන්..තාම ජීවිතේ මුලනෙ ඉන්නෙ..හැමදේම හොදට වෙන්න කියල තමයි හැමදාම ජීවත් වෙන්නෙ.. අපි ආදරේ මිනිසුන්ට අපිව නොදැනී යනකොට හිතට දුකයි බන්.. අඩු ගානෙ අපි කතා කරනකොටවත් හිනාවෙලා, අතීතය අමතක කරල සතුටින් කතා කරන්න බැරි ඇයි කියලයි මට හිතෙන්න. කොහොම උනත් උන්ට යහපතක් වෙනවනම් මන් ඒක හැමදාම හොදයි කියල දකින්නෙ බන්.. ඒත් වෙන උන් ඇවිත් උන් වැරදි පාරේ යන්නෙ කියද්දිත් ඇස්, කන් පියන් ඉන්න වෙලා. මොකද තව දුරටත් අපි උන්ගෙ කවුරුත් නෙම කියල උන් හිතන හන්දා..

කොහොම උනත් ඉල්ලන් කාලම මට තිත්ත වෙලා බන්... :( ඒක හන්ද තමා පුලුවන් තරම් නිහඩව ඉදල, දරාගන්න බැරිම උනාම මෙහෙම පෑනවත් හොලවන්නෙ...

කඳුළු හුරතල් වැඩිද මන්දා
පුංචි දේටත් ඇඬෙන හින්දා
නුබ දැකපු දේ කඳුළු වින්දා
නොම මවනු ඒ මතක කිසි දා

හඬන තරමට දුක සිතේ නම්
ලියන තරමට සිත රිදේ නම්
සිතේ ඇඳි රුව තව පෙනේ නම්
නොවනු අවනත හදට තව නම්

ඔයා කියපු දේම තමා මටත් කියන්න වෙන්නේ...
අපි මේ ලෝකෙට සංවේදී වැඩියි නේද ?

@දිල්: ඔව් දිල්, මන් හිතන්නෙ එහෙම තමා...අපි අනිත් අය වෙනුවෙන් ජීවත් උනාට එගොල්ලන්ට එහෙම නොහිතන එක තමා වරද.. බලමු හැමදාම අපිටම වරදින එකක් නෑ නෙ..

හිතට දැනුනා මචන් මේ සංවේදී පද පෙල.

උඹ තනියෙම හිනා වෙනවා
මන් හැමදාම පැතුවෙ ඒක..............

උඹ හිත හොද මිනිහෙක්!

ස්තූතියි මච්න්... හැමදාම පතන්නෙත් එච්චරයි මචන්...

Post a Comment

මගේ දින සටහන් ගැන

මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?

නිතර යන එන අය