Worst Verses - මගෙ සිත කියන නිදැස් පද

මගෙ සිත කියන නිදැස් පද.. විටක සොදුරුය.. විටක නපුරුය.. එහෙත් මා සැමදා එසේමය

මිතුර පෙරදා - දුටුව සඳ කැන්
නොදැනි ඔබ හා - බැඳුනු සරදම්
නොහැක විදිමින් පුරාවට...
නුබේ සුපෙම් කැන්....

සිතින් ගලනා - කදුලු ගංගා
නොසඟ හඳ මා - තැවෙන විලසා
යදිමි මිතුදම් ගොතා..
සදා සරණා තුරා...

භවෙන් භවයේ - නොදැන ගැටෙමින්..
රැදුනු කඳුලැල් - සිතින් මකමින්
සමුගනිමි ඔබේ තුරුලෙන්....
නොසිදු විලසින්....

5 comments:

කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්නත් බැරි උනා , :)
එහෙම ද අන්තිමට වෙන්නේ , කවදා හරි සමුගන්නම වෙනවද ?

@Dilanrf: මන් හිතන්නෙ එහෙම තමා වෙන්නෙ...

හ්ම් ,ඒකත් එහෙමද :(
හැබැයි මගේ පැත්තෙන් නම් ඒක කවදාවත් වෙන්නේ නැහැ ....

වෙන්න පුලුවන්.. නමුත් තනි අතින් අතින් අත්පුඩි ගහන්න බෑනෙ බන්...

හ්ම් , ඒත් අනික් අත අල්ලගන්න දෙන්නේ නෑ නේ :(
ජීවිතේ හරි අමුතුයි නේද

Post a Comment

මගේ දින සටහන් ගැන

මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?

නිතර යන එන අය