Worst Verses - මගෙ සිත කියන නිදැස් පද

මගෙ සිත කියන නිදැස් පද.. විටක සොදුරුය.. විටක නපුරුය.. එහෙත් මා සැමදා එසේමය

මගෙ හුස්මකට අනෙ උඹ අහු වෙලා ඇති...
මගෙ වදනකට අනෙ උඹ පෙම් කරපු හැටි...
මගෙ එලියයයි පස්සෙන් උඹ ආපු හැටි...
නොපෙනේ උඹට මා කරනා බොරුවෙ හැටි...

දිනක එපා කී මා උඹ පතපු හැටී...
උඹත් යමක් දන්නා බව පෙනුනු හැටී...
අනේ උඹත් අහුවුනු මගේ ගැටේ හැටී...
කාලා බලන් මා තොට ගිල්ලවන හැටී...

මිතුරන් නසා මා වසඟෙට ගෙනා හැටී...
මතකේ නැගෙන විටදිත් මට සිනා නගී...
අනේ කොල්ලනේ බලපන් දිවියෙ හැටී...
පෙර පූරුවේ කරුමෙට මූ විඳින හැටී...


මෙය හුදෙක් මාගේ මනසේ ඇතිවූ සිතුවිලි දාමයක පෙලගැස්මක්ම පමණක්ම බව සලකන්න...

1 comments:

මෙය හුදෙක් කවි සිතුවිල්ලක් වුවද, මෙහි කතා වස්තුව ඔබ අවටම සිටින්නෙකු ගැන කියවෙනවා නොවේද? මෙම කවියේ නියම අරුත දැනෙන්නේ ඔවුන් ගැන දන්නා අයටයි....

Post a Comment

මගේ දින සටහන් ගැන

මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?

නිතර යන එන අය