අත් දෙක බැඳලා,
ආයි මන්,
ලියන්නෙ නෑ කිව්වට,
උඹ මට ඉන්න දෙන්නෙම නෑ...
ඈතින් ඈතට ,
ඈත්වෙලා,
පියාඹා ගියාට,
උඹ මට ඉන්න දෙන්නෙම නෑ...
නින්දෙත්,
ඉගි පාල,
මාව ඇහැරවල,
උඹ මට ඉන්න දෙන්නෙම නෑ...
ඇයි උඹ
මගේ මතකය උනේ...
කොච්චර උනත්
උඹ මට ඉන්න දෙන්නෙම නැති එක හොදයි.....
Posted by
dakshika
9 comments:
ටික දවසක් (මට මතක හැටියට) ලියන්න බරි උන නිසා වෙන්න ඇති මිත්රයා මෙහෙම කවියක් ලියන්න ඇත්තේ
කොච්චර උනත් නොලියා ඉන්න දෙන්නේ නැති එක හොදයි:D
@දිසා: ඔව් මිත්රයා.. මොනා කරන්නද ඉතින්...කාලයක් ලියන්න හිතුනෙම නෑ.. ජීවිත ගංඟාව ගලාගෙන යන්නෙ අපි හිතන පතන විදියට නෙමෙනේ.. ආයිමත් ලියන්නෙ උනෙත් ඒක තේරුම් ගන්න බැරි අරුමයක්ම හන්ද...
"කොච්චර උනත්
උඹ මට ඉන්න දෙන්නෙම නැති එක හොදයි....."
ඇත්ත මචන්, ඒ මතකයත් එක්ක ඉන්න වෙලාවට දුක හිතුනට ඇත්තටම සොඳුරුයි ඒ අතීතය.......
@චමි.දේ.වා. : අනිවා.. ඒ මතකය තමා මචන් අපිව ජීවත් කරවන්නෙ
woweeeeeeeeeee, this is amazing, simply great. That s why i was saying you cant deny the breath when some one becomes the air that you breath
මචන් නෝ කමෙන්ට්ස් මචන් :(
මේක ලියන්න ඕන මම බන් :(
@dilanrf: මතකය කියන්නෙ පුදුම දෙයක් බන්.. එක වෙලාවකට අපිත් එක්ක හිටියට වෙලාවකට අපිව දාල යනව... ආයි හිතන්නත් බැරි තරමට
@Nipun: Thanks machn
Post a Comment