Worst Verses - මගෙ සිත කියන නිදැස් පද

මගෙ සිත කියන නිදැස් පද.. විටක සොදුරුය.. විටක නපුරුය.. එහෙත් මා සැමදා එසේමය

මිතුර
අරමුණක් ඇති නියාවෙනි
අභියෝගයක් වූයේ ඔබ මට
අදිටන් කර ගතිමි දැඩි සිතින්
ජය ගැනුමට මා මතු දිවිය
වෙහෙස වන්නට බොහොමැයි
නමුත් ඔබ හමුවේ
නොමදැනේ එය බිඳකුත්
ගැහෙන හදවතක නැගෙන සුසුමක
රැදෙන ඔබගේ සුවඳ
මහා ධමනි, ශිරා ඔස්සේ ගලන
රුහිරු ධාරාවේ කැටිවූ මිතුදම අපූරුය
හැකියාව, කේෂනාලිකා වලින් සෛලවලට පාරගම්‍ය වන
මොහොතේ පටන්
මා, මා තුල සොයන්නේද එයයි
උපේක්ෂා පිරුණු දෙනෙතින්
සෙවනැල්ලක්ව
රැදෙන ඔබ කවුරැන්ද?
අනෙකුන් නොව
දහසක් අරමුණු මතින්
ගොඩනගන්නට ජීවිතය
නිබඳ දිරි දෙන
විශ්වාසය නම් මිතුරාමයි

5 comments:

අපූරු අදහසක් මිතුර(Word verification ඉවත් කරන්න හැකිනම් පහසුයි )

විශ්වාසය නොවන තවත් එවැනි මිතුරෙක්.... said... July 10, 2009 at 11:40 PM  

විටෙක සිනාසෙමු
විටෙක හඬනෙමු
විටෙක සමඟය
විටෙක විරසකය
නැත නිමාවක් නිමක්
පුදුමයි නේද
මේ විසල් මිතුදම

@දිසා: ස්තූතියි.. මිතුර Word verification ඉවත් කලා.
@විශ්වාසය නොවන තවත් එවැනි මිතුරෙක්....

නොදනිමි.. නොසිතේ.. කවුරුන්ද ඔබ..
නොමවේ.. මසිතේ.. තරහක් ඔබ ගැන..
හැකිනම් පවසනු.. කවුරුන්දෝ ඔබ..

ඒක මිසක් මම බැලුවා මෙහෙම මිතුරන් කොහෙද ඉන්නේ කියලා

කුමටද සොයුරනි තරහක් මා ගැන
ළඟින් ම සිටිනා මිතුරෙකි මා ඔබ

Post a Comment

මගේ දින සටහන් ගැන

මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?

නිතර යන එන අය