Worst Verses - මගෙ සිත කියන නිදැස් පද

මගෙ සිත කියන නිදැස් පද.. විටක සොදුරුය.. විටක නපුරුය.. එහෙත් මා සැමදා එසේමය

රැගෙන සටහන් මිට
එකින් එක පෙරළමින්
කලත් ආවර්ජනා
රැයක් නිදි ලොව වරා
නොනැගුනේ මතකයට
ඇයිද යත් නොම දැනේ..

කියාපන් මා හට
කිමද මට සිදුවුණේ..

දරන්නෙමි හෙට දිනට
කරන්නට වෙර දමා..
පෙරදි මා කල ලෙසට
නමුදු
එක් දෙයක් එයි සිතට
හඳවතින් අමතනා...

'මම නුඹට ආදරෙයි...! මම නුඹට ආදරෙයි...!'
කියයි සිත වෙර දමා...

11 comments:

ලව් කරන්න ගත්තාම පාඩම් කරන්න බෑ තමා. :D

අදෙරේ නාමයෙන්
ගනු මැනවි පොත අතට
යොමා ඇස එක සිතින්
කියවන්න නුවණැසින්

මනස යයි දස අතේ
පොත ඇතත් ඔබ අතේ
ඇය ඔබේයි මතු මතේ
හිතට ගෙන කියවතේ....

පොත මා ලග,හිත ඈ ලග අනේ මන්දා ඉතින්

'මම නුඹට ආදරෙයි...! මම නුඹට ආදරෙයි...!'
ඈයගෙත් ආදරය ලෑබේවා

a person who loves to love unconditionally... said... July 11, 2009 at 11:29 PM  

මෙය ආදරය නොව මෝහය යි
පළමුව තමාට ආදරය කිරීමට දත යුතුය
එවිට වදයක් නොවන ආදරය හැඳිනිය හැක

පොත අතට ගනු මන
පාඩම් හිතට ගනු මන
නැත්නම් ඇයත් නැත,
මැයත් නැත,
ඔබත් නැත....

අනේ මන්දා බන්

පාඩම් කරපන් කියන්නත් බෑ. දිගටම හිත හිත ඉඳපන් කියන්නත් බෑ. ඔය දෙගිඩියාව මටත් දැනෙනවා.

හේතු සහගතව හිතලා පාඩම් කරපන්. නාඳුනන්නා නොහොත් Walter කිව්වා වගේ සමහර විට ඇයත් නැත, ඔබත් නැති වෙන්න පුලුවන්. For the greater good කිව්වලුනේ.

පහන් සමග 100% ක් එකග වෙමි........!

@පහන්,dilanrf: ඔබ නිවැරදි මිතුර..
@Nipun, නාඳුනන්නා නොහොත් Walter, chamila_dealwis, Udara1986 : නුඹලාගේ අවවාද වලට තුති..

@NUWAN"s lane: ස්තූතියි මිතුර..
@a person who loves to love unconditionally : මම දැන් එය ඉගනීමට වෙර දරමි.. හැකිනම් උදව් කරන්න..

ඇත්ත ඇත්ත
මොන පාඩම්ද හිත වෙන කොහේවත් දුවනකොට

hehe.. good one scoob! koheda ithin padam karanne me widihata :p

Post a Comment

මගේ දින සටහන් ගැන

මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?

නිතර යන එන අය