Worst Verses - මගෙ සිත කියන නිදැස් පද

මගෙ සිත කියන නිදැස් පද.. විටක සොදුරුය.. විටක නපුරුය.. එහෙත් මා සැමදා එසේමය

දෙනුවනට මගේ
අවැසි
නුඹෙ සිනහව..
වෙහෙසෙමි සොයන්නට
ඒ කියූ කතාව..

'මම නුඹට ආදරෙයි'
නුඹේ
දෙනෙත් බසින්..
ඇමිණූ වදන්
අමතකය නුඹ හටම..

කියාපන් මා හට
කිමද මට සිදුවුණේ..

නමුදු..
ගලායන මතකය..
වියකී යන්නට මත්තෙන්
තබමි සටහනක්..
හදවතින්ම.........

1 comments:

එල කිරි මචං, මම හොද විචාරකයෙකු නොවෙමි. නමුත් ඔබේ නිසදැස අගනේය......

Post a Comment

මගේ දින සටහන් ගැන

මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?

නිතර යන එන අය